ස්වයන්පොෂිත රටක් තමන් වෙනුවෙන් සහ අනාගත දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීමට ඔබ අප සියලු දෙනාගේම දායකත්වය අප රටට අත්‍යාවශ්‍ය අවස්ථාවකි මේ.
අනාගත දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීමට ඔබ අප සියලු දෙනාගේම දායකත්වය අප රටට අත්‍යාවශ්‍ය අවස්ථාවකි මේ.
මෙත්සවිය යනු පුර වසර 18 කට අධික කාලයක් සමථ – විදර්ශනා භාවනාව සහ චිත්ත සංයම අභ්‍යාස උගන්වමින් සාමාජිකයන්ගේ අධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කිරැලීම සඳහා වැඩසටහන් කරගෙන යනු ලබන පුණ්‍ය සංසදයකි.
Current Situation
වත්මන් තත්වය පිලිබඳ වචනයක්
ලංකාද්වීපය වර්තමානයේ පවතින දුර්භාග්‍ය තත්වයෙන් ගොඩගෙන ලොව ශ්‍රේෂ්ඨතම රාජ්‍යක් බවට පත් කිරීම සදහා පුරවැසියෙකු වශයෙන් ඔබට මේ අවස්ථාවේ තනි තනිව කල හැකි වැඩ කොටසක් ඇත. ඒ සඳහා අප සැම එක්ව සහයෝගයෙන් රට ගොඩ නැගිය යුතු අවස්ථාවකට අපි පත්ව සිටිමු.
රට ගොඩනැගීමේ වගකීම රජයට පමණක් භාර දී බලා නොසිට පුරවැසියෙක් වශයෙන් තම වගකීම් ඉටුකිරීමට අපට යුතුකමක් ඇත. සෑම දෙයින්ම ස්වයන්පොෂිත රටක් තමන් වෙනුවෙන් සහ අනාගත දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීමට ඔබ අප සියලු දෙනාගේම දායකත්වය අප රටට අත්‍යාවශ්‍ය අවස්ථාවකි මේ.
මේ අවස්ථාවේ ක්ෂණික විකල්ප සහ විසදුම් වශයෙන් විදේශ රටවලින් ණය ලබා ගත්තද, පවතින ණය බරට අමතරව එම අලුත් ණය ද පසුව ගෙවන්නට වන නිසා රට තුල විදේශ මුදල් සංචිත ඉතිරි කරගැනීමේ තිරසාර වැඩ පිළිවෙලක් දියත් නොකළහොත් අනාගතයේදී රටේ තත්වය බොහෝ සෙයින් අර්බුධකාරී තත්වයකට පත්වනු ඇත. මේ අවස්ථවේ අප සියල්ලන් එක්ව ක්‍රියාත්මක වී රට මෙම අර්බුධයෙන් ගොඩගත යුතුමය.
Our Responsibility at Hand
මේ සඳහා පහත අයුරින් දායක වන්න
රට ගොඩනැගීම සඳහා රජයට පමණක් භාරදී බලා නොසිට පුරවැසියෙක් වශයෙන් තම වගකීම් ඉටුකිරන්න. සෑම දෙයින්ම ස්වයන්පොෂිත රටක් තමන් වෙනුවෙන් සහ අනාගත දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීමට ඔබ අප සියලු දෙනාගේම දායකත්වය අත්‍යාවශ්‍ය වේ.
වාහන වලට යොදන ඉන්ධන සඳහා යන විදේස් මුදල් ඉතිරි කර ගැනීම පිණිස විකල්ප ඉත්ධන යොදා ගැතීම/ පර්යේෂණ සඳහා ආධාර කිරීම
තායිලන්තය වැනි රටවල් පෙට්‍රල් සමග මිශ්‍ර කිරීමට මඤ්ඤොක්කා වලින් තනන එතනෝල් යොදා ගනියි. මේ අතර දකුණු ඇමරිකානු රටවල ඩිසල් වෙනුවට ගසකින් එන Biodiesel යොදා ගනියි. ඵළවළු තෙල් ආදියෙන් නිපදවනු ලබන Biofuel වර්ග ද සමහර රටවල ප්‍රසිද්ධියට පත්ව තිබේ. මේ සඳහා වන පර්යේෂණ කිරීම සඳහා මෙත්සවිය මඟින් ආධාර ලබාදීමට ද බලාපොරොත්තු වේ.
පිටරටින් ගෙනෙන LP ගෑස් වෙනුවට ආහාර පිසිම සඳහා එව වායුව හඳුන්වාදීම.
දැලිකුණු නොමැති බැවින් අද ගම්බද පවා ආහාර පිසීම සඳහා ගැස් භාවිත කළ ද ඒ සඳතා යන විදෙස් මුදල් ඉතුරු කර ගැනීම පිණස නිවසේදීම අපදුව්‍ය යොදා ජීව වායුව යොදා කෑම පිසීම සඳහා උපකරණ සහ ක්‍රම හඳුන්වාදීම සහ එම පර්යේෂණ වලට ආධාර කිරීම. විකල්ප ලිප්ද හඳුන්වා දීම.
සෑම නිවසකම ආහාරයට ගතහැකි පැළයක්වත් රෝපණය කර වගා සංග්‍රාමයක් ආරමිභ කිරීමට නොමිලේ බීජ ලබාදීම.
ඉදිරියේදී ආහාර හිගයක් රට තුළ ඇති වූ විට විදේශ වලින් ආහාර ගෙන්වීම සඳහා වැය වන විදෙස් මුදල් ඉතිරි කර ගැනීම පිණිස සියලු දෙනා විසින්ම වගා සංග්‍රාමයක් ඇරඹිය යුතුය. අල බතල මඤ්ඤොන්කා ආදී ඉකමනින් එල නෙළාගත හැකි ආහාර වගා කිරීමට සෑම පුරවැසියෙතුම උනක්දු විය යුතුය. මේ සඳහා අවශ්‍ය බීජ සහ පැළ ලබාදීම මෙත්සවිය මගින් රටපුරා පිහිටි අප සාමාජිකයන් කරහා ඉල්ලීමක් ලද විට ඉටු කරනු ඇත. තවද මෙහිදී සියලුම නගරාශ්‍රිත තට්ටු නිවාස වල වගා කළ හැකි විවිධ ක්රමිවේද අපගේ www.swayanposhana.lk වෙබ් අඩවියේ සඳහන් කර ඇති අතර අවශ්‍ය උපදෙස් ලබාදේ. සෑම නිවසකම අවම බටු පැළයක් වත් වවා ගැනීම සඳහා පුරවැසියා වගකීම දැරිය යුතු වන්නේය.
විදේශ මුදල් වැයවන පාන්පිටි ආනයනය වෙනුවට විකල්පයක්/ එම පර්යේෂණ සඳහා ආධාර කිරීම.
විදේශ මුදල් වැයවන පාන්පිටි ගෙන්වීම වෙනුවට විකල්පයක් ලෙස හාල් පිටි සහ මඤ්ඤොක්කා පිටි යොදා ගැනීම සඳහා දැනුවත් තිරීමේ වැඩසටනන් ඉල්ලීම් මත පවත්වනු ලැබේ. දකුණු අප්‍රිකාව කාව තුළ සමනර රටවල මෙම ක්‍රියාවලිය දැනටත් සිදුවේ.
කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය වන පොහොර වලින් ස්වල්පයක්වත් නිවස තුළම නිෂ්පාදනය කිරීම.
කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය වන පොහොර වලින් ස්වල්පයක්වත් නිවස තුළම නිෂ්පාදනය සඳනා කරනු ලබන ක්‍රමවේද හඳුන්වා දෙනු ලැබේ. දැනට වෙළෙඳ පොලෙහි පවතින දේශීය නිෂ්පාදන සඳහා www.swayanposhana.lk වෙබ් අඩවිය බලන්න. ජීව වායුව නිපදවීමේදී ද අතුරුඵලයක් ලෙස පොහොර ලැබේ..
සුර්ය බලය ඇතුළු විකල්ප බලශක්තින්ගෙන් ගෘහ විදුලිය නිපදවා ඉන්ධන පිටරටින් ගෙන්වීම සඳහා වැයවන විදේශ සංචිත අවම කරගැනීම.
ගෘහ විදුලිය නිපදවීමේදී ඉන්ධන පිටරටින් ගෙන්වීම සදහා වැයවන විදේශ සංචිත අවම කරගැනීම පිණිස සුර්ය බලය ඇතුළු විකල්ප බලශක්තීන් යොදාගැනීමට දිරිමත් කරන අතර ඒ සඳහා ඔබට උපදෙස් ලබාදීම. සුර්ය පැනල පද්දති ලබාගත හැකි ස්ථාන www.swayanposhana.lk වෙබ් අඩවියේ සඳහන් කර ඇත. අවශ්‍ය උදවු ලබා දෙන්නෙමු. රාත්‍රිය පහන් වනතෙක් දැල්වෙන සුර්ය බලයෙන් ක්‍රියාකරන එළිමහන් විදුලි ආලෝක කුළුණු ගත හැකි ස්ථාන ද වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
මෙම කාලය තූළ සෑම නිවසකම අවම වශයෙන් විදුලි බල්බ දෙකක්වන් නිවාදැමීමට උත්සුත වන්න.
විදෙස් රට වල සිටින නෑදෑයන් හරහා ඔබට හෝ ඔබේ පවුලට ඩොලර් 100ක මුදලක් බැංකු හරහා ගේනවා ගැනීම.
බෙහෙත් ද්‍රව්‍ය ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා කුමන හෝ රජයක් විසින් ගනු ලබන ප්රයත්නයට වක්‍ර අකාරයෙන් හෝ සහයෝගය දැක්වීම පිණිස ඔබගේ පිටරටවල සිටින සියලු නෑදෑයින්ගෙන් ඔබගේ නිවසට හෝ ඔබට ඩොලර් 500 ක මුදලක් හෝ අවම ඩොලර් 100 ක මුදලක්වත් බැංකුවක් හරහා එවන ලෙස ඉල්ලා සිටින්න. මේ අවස්ථාවේදී ක්ෂණිකව රටේ ඇති මුදල් අවශ්‍යතාවය එමගින් යම් ප්‍රමාණයකට හෝ පිරිමැසෙනු ඇත.
Online හරහා විදෙස්වලට විකිණිමට නිවෙස් තුළ දීම අත්කම් භාණ්ඩ ඇතුළු විවධ දේ නිපඳවීම ද සුඵවෙත් හෝ අරඹන්න.
විවිධ දක්ෂතා සහ නිපැයුම් හැකියා ඇති සෑම කෙනෙකුම තම නිවෙස් තුළ දීම අත්කම් භාණ්ඩ ඇතුළු චිවිධ දේ නිපදවීම ද සුළුවෙන් හෝ අරඹන්න. ඔබගේ භාණ්ඩ අන්තර්ජාලය හරහා විදෙස් වලට විකිණිමේ විශේෂ වැඩ වැඩපිළිවෙලක් ලංකාද්වීපය ගොඩගැනීමේ අප දෙවන අදියරෙන් හඳුන්වා දෙන්නෙමු.
අර්ඛුද කාලය අවසන් වන තෙක් වත් අත්‍යවශ්‍ය නොවන විදෙස් භාණ්ඩ මිලදී ගැනීමෙන් හැකිතරම් වළකින්න. හැකි සෑම වටකදීම දේශීය නිෂ්පාදන වෙත යොමුවන්න.
මෙත්සවිය අපි ගැන
Our story
මෙත්සවිය යනු පුර වසර 18 කට අධික කාලයක් සමථ – විදර්ශනා භාවනාව සහ චිත්ත සංයම අභ්‍යාස උගන්වමින් සාමාජිකයන්ගේ අධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කරලීම සඳහා වැඩසටහන් කරගෙන යනු ලබන පුණ්‍ය සංසදයකි. මීට අමතරව බුදු රජාණන්වන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු උන මහියංගනය පුදබිමෙහි බුදුපිළිමයක් නැති අඩුව සපුරාලමින් මේ වන විට අවසන් අදියරේ ඉදිකිරීම් පවතින ලක්දිව උසම වටකුරු බුදුපිළිමය තැනීම, නාගදීප පුද බිමෙහි බැතිමතුන් සඳහා වන වැසිකිලි පද්ධතිය තැනීම, පුණ්‍යාධාර සැපයීම, ඇතුළු විවිධ පුණ්යකර්ම රාශියක නිරත වේ. (විස්තර සඳහා මෙත්සවිය පිවිසෙන්න ) මෙත්සවිය මගින් එහි නිර්මාතෘ මහාචාර්ය චන්දන ජයරත්නගේ උපදෙස් මත ලංකාදීපයේ, වර්තමානයේ මතුවී ඇති දුක්ඛිත තත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට සහයෝගය දීමට මෙම වැඩපිළිවෙල දියත් කර ඇත. එහි පළමු අදියර ලෙස තිරසාර පිලියමක් දියත් කරමින් විදේශ මුදල් සංචිත රට තුල ඉතුරු කරගැනීම සඳහා විකල්ප ක්‍රමවේද රට තුලම වර්ධනය කිරීමට මුල් තැන දෙනු ලැබේ.
මෙය කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට සම්බන්ධ නැති වැඩපිළිවෙලකි
මෙයට අමතරව මෙත්සවිය දුරකථන 0701558558 හරහා අවශ්‍ය බීජ, උපදෙස් සහ තාක්ෂනය ලබාදීමට, නම, ගම සහ අවශ්‍යතාවය ඇතුලත් කෙටි පණිවිඩයක් (SMS) එවන්න.
පුරවැසියෙකු ලෙස ඔබගේ වගකීම ඔබ විසින්ම ඉටුකර ඔබගේ රට ස්වයන්පෝෂණය කර මෙම දුක අපේ දරුවන්ට ද විදින්නට ඉඩ නොතබා ලංකාද්වීපය ලොව ශ්‍රේෂ්ඨතම රටක් බවට පත් කිරීමේ ප්රයත්නයට සහයෝගය දක්වන්න.
Location
No 55, Sri Lankarama Viharaya,
Leslie Ranagala Mawatha,
Borella, Colombo-08
Contact us
Email : office@mathsaviya.com
Telephone : 0714-014467, 0112-505088